පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වයෙන් සිදුවූ හානි කළමනාකරණයේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ විශේෂ රැස්වීමක් (13) වනදා පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, කොළඹ ඇතුළු ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වන සහන වැඩපිළිවෙළ පිළිබඳ ඔවුහු දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළහ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, මංගල සමරවීර, රවී කරුණානායක, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, තලතා අතුකෝරල, චන්දිම වීරක්කොඩි ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
No comments:
Post a Comment