ජනවාරි 08 පිළිබඳව පුරාජේරු කතා පසෙකලා රට ගැන ජනතාව ගැන සිතා ආණ්ඩුව කටයුතු කළ යුතු බවට වන පණිවිඩය ජනතාව මැතිවරණ ප්‍රතිඵල හරහා ලබා දී ඇති බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසා සිටිනවා.
ඊයේ (27) ජාතික හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“ඡන්ද ප්‍රතිඵල වලින් කියන්නේ 2015 ජනවාරි 8 වෙනිදා බලවේග තමන්ගේ පක්ෂ ගොඩ නගා ගැනීමේ නොයෙක් පුරාජේරු කතා වෙනුවට නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ එකට එකතුවෙලා වැඩ කරන්න කියල තමයි කියන්නේ. යහ පාලන ආණ්ඩුකරමයක් ගැන් කතා කළා. නමුත් ආණ්ඩුකරණයේදී අපේ තිබුණ යම් යම් දුර්වලතා, තීරණ ගැනීමේදි තිබුණ මන්දගාමී ස්වරූපය පිළිබඳව ජනතාවගේ තිබෙන කළකිරීම මේ මැතිවරණ ප්‍රතිඵලවලින් අපට පෙන්නලා තියෙනවා. ඒ ගැන වහාම අවධානය යොමු කළ යුතුයි.මේ සියල්ල හමුවේ අපි යෝජනා කරනවා බොහොම පැහැදිලිව ආණ්ඩුවේ බලගතු ප්‍රතිසංස්කරණයක් ඕනේ. එකේ පළමු කාරණය තමයි මේ කණ්ඩායම් දෙකටම එකග විය හැකි වැඩපිළිවෙළක් රට හමුවේ තියලා,එය ක්‍රියාත්මක කිරීම. ඒවගේම සයිටම් පිළිබඳව මේ උද්දච්ච ප්‍රතිචාරය හරියන්නේ නෑ. අපේ එකම තීරණ්යි වුණේ මේ සයිටම් එක අහෝසි කරලා දාලා මේකේ ඉගෙන ගන්න දරුවන්ගේ අනාගතයට වැඩපිළිවෙළක් හදලා මේ ගැටලුව මෙතනින් කෙළවර කරන්න කියලා. මෙය ඡන්දයට දරුණු ලෙස බලපෑ ප්‍රශ්නයක්. ඒ අනූව වහාම බලගතු දේශපාලන ප්‍රතිසංස්කරණයක් සහිත වැඩපිළිවෙළක් අවශ්‍ය යි.” අමාත්‍යවරයා සඳහන් කළා.
No comments:
Post a Comment