මක්කම මහ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

මක්කම මහ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක්

Share This
ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ පුද බිම වන මක්කම මහ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ "ත්‍රස්තවාදී ක්‍රියාවක්" වැලැක්වූ බව සවුදි අරාබිය පවසයි.
ආරක්ෂක හමුදා මරාගෙන මැරෙන ප්‍රහාරකයා රැඳී සිටි ගොඩනැගිල්ල වැට ලූ අවස්ථාවේ ඔහු සිය බෝම්බය පුපුරවා ගත් බවත් සවුදි අරාබියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසයි.

ඒ අවස්ථාවේ එම ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු එකොලොස් දෙනෙකු තුවාල ලබා තිබේන බවත්එරට වාර්තා සදහන් කරයි

එම
සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් බවට සැක කෙරෙන තවත් පස් දෙනෙකු එහිදී අත්අඩංගුවට ගනු ලැබූ බවත්. රාමදාන් උපවාස සමය අවසන් කිරීමේ උත්සවය සඳහා දස ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් ජනතාව මක්කම පුද බිමට රොක් වී සිටියහ.
මෑත වර්ෂ කිහිපය තුළ සවුදි අරාබියට දරුණු ප්‍රහාර කිහිපයක්ම එල්ල වූ අතර, එයින් බහුතරය තමන් විසින් එල්ල කරන ලද බව ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය පිළිගෙන තිබේ.
ඒ අතරින් බොහෝ ප්‍රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම් සුළුතර ප්‍රජාව සහ ආරක්ෂක හමුදා ඉලක්ක කරගනිමිනි.

සවුදි අරාබිය, ඇමෙරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් අයිඑස් සංවිධානයට සහ සිරියාවේ හා ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි සන්ධානයේ සාමාජිකයෙකි.

 විඩියෝව පහළින්








No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages