“රටක ඉදිරි සංවර්ධන කටයුතුවල දී ඩිජිටල් ලේඛන කළමනාකරණය ඉතා වැදගත් සාධකයක් ”- අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

“රටක ඉදිරි සංවර්ධන කටයුතුවල දී ඩිජිටල් ලේඛන කළමනාකරණය ඉතා වැදගත් සාධකයක් ”- අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Share This
ඩිජිටල් ලේඛන කළමනාකරණය සහ ඩිජිටල් ලේඛනාගාරයක් පිහිටුවීමට අදාළ විශේෂ අන්තර්ජාතික වැඩමුළුව සහ අන්තර්ජාතික ලේඛනාරක්ෂක කවුන්සිලයේ දකුණු බටහිර ආසියානු කලාප ශාඛාවේ විධායක කමිටු රැස්වීම අද (21) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම වැඩමුළුව පවත්වන ලද්දේ, ඩිජිටල් ලේඛන කළමනාකරණය සහ ඩිජිටල් ලේඛනාගාරයක් පිහිටුවීම පිළිබඳ නව දැනුම හුවමාරු කරගැනීම, එක් එක් රටවල්වල ඉතිහාසයට හා සංස්කෘතියට අයත් ලේඛනවල පිටපත් හුවමාරු කරගැනීම, ලේඛනාරක්ෂකවරුන් අතර අනාගත සුහදතාව වර්ධනය කිරීමත් අරමුණු කරගනිමිනුයි.
මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, ඕනෑම රටක ලිඛිත උරුමය සහ ලිඛිත ඉතිහාසය පිළිබඳ පවත්නා වැදගත් ම සාධකය රට තුළ පවත්නා සංරක්ෂිත ලේඛන වන අතර, ඒවායේ අන්තර්ගතය හරහා අදාළ රට අත්පත් කරගන්නා ජයග්‍රහණ සහ අත්දැකීම් පිළිබිඹු වන බවයි. එමෙන් ම රටක ඉදිරි සංවර්ධන කටයුතුවල දී එම තොරතුරු බෙහෙවින් වැදගත් වන බවත්, සාම්ප්‍රදායික ලේඛනාරක්ෂක ක්‍රමවලට වඩා ඩිජිටල් ලේඛන කළමනාකරණය වඩාත් සාර්ථක වන බවත්, ඒ අනුව වටිනා ලේඛන සංරක්ෂණය කිරීමේ දී සම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට මෙම අවශ්‍යතාව ඉටු කිරීම සඳහා ඉදිරියේ දී බිහිවන ඩිජිටල් ලේඛනාගාර සමත්වනු ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.
ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, නේපාලය, සහ පකිස්තානය රටවල්වල නියෝජිතවරුන් මෙම වැඩමුළුවට සහභාගී වුණා.
මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ සරෝජා වෙත්තසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.













No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages