ඩෙංගු රුධිර පරීක්ෂණ ගාස්තු අද සිට පහත දමයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ඩෙංගු රුධිර පරීක්ෂණ ගාස්තු අද සිට පහත දමයි

Share This
වසරේ මේ දක්වා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ ගණන 63,000 ක් දක්වා ඉහල ගොස් තිඛෙනවා. එය මෙතෙක් ඉතිහාසයේ වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වනවා.
මේ දක්වා ඩෙංගු රෝගයෙන් මිය ගොස් ඇති ගණන 200ක්.තවද ඩෙංගු රෝගීන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තාවන බවයි.
පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල රුධිර පරීක්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අයකරන ගාස්තු අද සිට පහත දමා තිඛෙනවා. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් බලධාරින්ට ලබාදුන් උපදෙස් අනුව මෙය ක්‍රියාත්මකයි.
ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීමට සිදුව ඇති බැවින් එම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව එම මිල සංශෝධනය සිදුකරන අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව රුධිර පරීක්ෂණ සඳහා අයකරන ගාස්තුව රුපියල් 250ක් ද ඩෙංගු රුධිර පරීක්ෂණය සඳහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000ක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages