පෝය දිනවලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් ඊට පෙර දින මත්පැන් මිළදීගැනීම ඉහළ ගොස් ඇති බව තමාට හැගෙන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අද (22දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එසේම බියර් හා වයින් මිල සංශෝධනය කිරීම මගින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට මත්පැන් ආනයනය කිරීම අවම කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය නිසා ඉදිරියේදී පොහෝ දිනවල තැබෑරුම් වසා තැබෙන නීතිය ඉවත් කරන්නේ දැයි බොහෝ දෙනාට සැක මතුව තිබේන නමුත් වැඩිදුරටත් අමාත්‍යතුමා ප්‍රකාශ කලේ බුදු දහමට කරන ගෞරවයක් වශයෙන් ර ඒහි කිසිදු වෙනසක් සිදු නොකරන බවයි
No comments:
Post a Comment