මිගමුව දිස්ත්‍රික් මහරෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙනයාම සදහා මධ්‍යම රජය වෙත පවරාදීමට තමන් සුදානම් බව සුමිත් ලාල් මෙන්දිස් පළාත් සෞඛ්‍ය අමාත්‍ය වරයා පැවසිය එ මහතා මෙම අදහස් පලකලේ අද මිගමුව රෝහලේ පැවති සාකච්චාවක් අතර තුරදිය.
ඩෙංගු රෝගීන් විශාල වශයෙන් රෝහල් ගතවන බැවින් එම රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිලිබදව සාකඡාවක් කිරිම සදහා පළාත් සභා මන්ත්‍රීවරු රෝහල් අධ්‍යක්‍ෂක ඇතුළු වෛද්‍ය නිලධාරීන් හෙද කාර්යන් මණ්ඩලය සහ මිගමුව රෝහලේ රෝහල් කමිටු සාමාජිකයන්ද සහභාගී විය .
දැනට රෝහලට අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩලය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කල සෞඛ්‍ය අමාත්‍යවරයා දැනට මන්දගාමිව ඉදිවන බහුකාර්ය මහල් ගොඩනැගිල්ලේ වැඩ කඩිනම් කිරීම සදහා අවශ්‍ය පියවර ගනුලබන බවද ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන වල සිටින කොමසාරිස්වරුන්ට මහජන නියෝජිතයන් මෙන් තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැතිවීම ද ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට බලපෑ එක් හේතුවක් බවද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට කොළඹ සහායක ගරු රදගුරු එම්මානුවල් ප්‍රනාන්දු බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න පළාත්සභා මන්ත්‍රීවරුන් වන රොයිස් විජිත ප්‍රනාන්දු ,එම් සකාවුල්ලා ශාෆි රහීම්,රෝස ප්‍රනාන්දු සහ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය නිලන්ති පතිරණ යන මහත්ම මහත්මීන් සහභාගි විය
සාකච්චාවේ විඩියෝ දර්ශන පහතින්
No comments:
Post a Comment