නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පාලක මණ්ඩලයට දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ප්‍රකාශ සාවද්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඊට පත් කර ඇති අදාළ පුද්ගලයා වරලත් ගණකාධිවරයෙකු මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරන බවයි අමාත්‍යරවයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
ඒ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා මනාව දන්නා බවත්, එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි චෝදනා සිදු කිරීමට පිළිබද අතිශය කණගාටුවට පත් වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.
මෙවැනි චෝදනා සිදු කිරීම දේශපාලන වෘත්තීය සමිතියක ලක්ෂණයක් බවයි රාජිත සේනාරත්න අමාත්‍යරවයා වැඩිදුරටත් සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
දුම්කොළ භාවිතයෙන් ජනතාව බේරා ගැනීම සදහා දුම්කොල සමාගමට එරෙහිව රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.
No comments:
Post a Comment