අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ නියෝගයන්ට අදාළ ප්රකාශනය විධිමත් ආකාරයෙන් සම්මත වූයේ යයි කථානායකවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත.
ඒ සදහා ඡන්දය විමිසන අවස්ථාවේ සමහර මන්ත්‍රීවරුන් විරෝධතාවයේ යෙදෙමින් සභා ගැබ මැද සිටියද කටහඬවල් අනුව ඡන්දය ගණනය කර පනත සම්මත කල බව කථානායකවරයාගේ නිවේදනයේ සදහන්ය.
කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැද සිටියදී පනතක් සම්මත වීමක් සිදු නොවන බවත් එසේ සම්මත කලේ යයි කීම පිලිගත නොහැති බවත්ය.
No comments:
Post a Comment