සූපවේදින්ගේ නිර්මාණ දක්ෂතා ඇගයෙන Culinary Art Food Expo 2017 ප්‍රදර්ශනය සහ තරගාවලිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී ආරම්භකෙරිණි.
17 වැනි වරටත් ශ්‍රී ලංකා සුපවේදී සංසදය මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය අද සිට 30 වනදා දක්වා පැවැත්වෙයි.
දිවයින පුරා විසිර සිටින දක්ෂ සූපවේදීන්ට, ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනු සූපවේදීන් වෙත තම දක්ෂතා ඉදිරිපත් කිරීමට මෙන්ම ආහාරපාන සැකසුම් අංශයේ ජයග්‍රහණ ලබා ගැනීමට මේ තුළින් අවස්ථාව සැලසේ.
සූපවේදීන් 1800 කට වැඩි පිරිසක් මෙම ආහාර සැකසුම් තරගාවලිය සදහා එක්ව සිටින අතර දෙස් විදෙස් විනිසුරු ම`ඩුල්ලක් විසින් ජයග්‍රාහකයින් තෝරගනු ලැබේ.
එමෙන්ම ආහාරපාන හා සත්කාර සේවා අංශයේ විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනය වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඔවුන් වෙනුවෙන් ක්ෂේත්රයේ ව්‍යාපාරික අවස්ථා සහ සබදතා ගොඩනගා ගැනීමේ සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් ද සංවිධානය කර තිබේ.අමාත්‍ය ජෝන් අමරතුංග, ශ්‍රී ලංකා සූපවේදී සංසදයේ සභාපති ජෙරාඩ් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුථ පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
No comments:
Post a Comment