හෘද රෝග සැත්කම් සදහා භාවිතා කරන ස්ටෙන්ට් මිල (04)දා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ගම්පහ විද්‍යාරවීන්ද්‍ර පිරිවෙනේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
වෙළෙදපොලේ රුපියල් 75,000 කට අලෙවි වන ලෝහමය ස්ටෙන්ට් එකක් නව මිල අනුව රුපියල් 24,000 ක් දක්වා මිල අඩු කර ඇත. රුපියල් 350,000 කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ට් එකක මිල රුපියල් 150,000 ක් දක්වා මිල අඩු කර ඇත.
2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මෙම මිල නියාමනය සිදු කර තිබේ..
හෘද සැත්කම් සදහා මෙතෙක් වෙළෙදපොලේ ස්ටෙන්ට් අධික මිල ගණන් යටතේ අලෙව් කිරිම තුළින් හෘද රෝගීන් ගැටළු රැසකට මුහුණ දී සිටි බැවින් ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ස්ටෙන්ට් මිල අඩු කිරිමට පියවර ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දී තිබුනි.

No comments:
Post a Comment