අක්කර 15000ක් ඉල්ලා සිටි අපිට අක්කර 500ක් දෙන්නයි කටයුතු කළේ. අක්කර පන්සීයක් කියන්නේ මොකක්ද?-ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ජියෑන්ලින් මහතා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

අක්කර 15000ක් ඉල්ලා සිටි අපිට අක්කර 500ක් දෙන්නයි කටයුතු කළේ. අක්කර පන්සීයක් කියන්නේ මොකක්ද?-ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ජියෑන්ලින් මහතා

Share This
ශ්‍රී ලංකාව සංවර්ධනය වීමට නම් කාර්මික කරණය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඒ සඳහා තමන් හම්බන්තොටින් අක්කර 15000ක් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ජියෑන්ලින් මහතා සඳහන් කළේය. කොළඹ පිහිටි චීන තානාපති

කාර්යාලයේදී අද (02දා)  පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ සිසුන් 18 දෙනෙකු සඳහා ආචාර්ය උපාධි හා පශ්චාත් උපාධි හැදෑරීමට චීනයේ ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා,
“අපි හම්බන්තොට ගැන කතා කළොත් අපිට අක්කර 500ක් දෙන්නයි කටයුතු කළේ. අක්කර පන්සීයක් කියන්නේ මොකක්ද? මම කිව්වේ අපිට අක්කර 15000ක් අවශ්‍යයි කියලා.  මම බීජින් හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ සහන ලබා ගැනීමට කටයුතු කරමින් ඉන්නේ. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ආර්ථික කලාප අවශ්‍යයි. ශ්‍රී ලංකාව තුළ මේ වන විට අපි විශාල ලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපිට වෘත්තිකයන් අවශ්‍යයි. අපිට කළමනාකරුවන්, ඉන්ජිනේරුවන් අවශ්‍යයි යැයි ඔහු පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් තානාපතිවරයා සඳහන් කළේ චීන ශිෂ්‍යත්වය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණ සිය සේවය රටට ලබා දෙන ලෙස සිසුන්ගෙන් තමා ඉල්ලා සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages