ඥානසාර හිමියන්ගේ නඩුව නැවත දෙසැම්බර් මස 7 වැනිදා කැඳවීමට නියෝග - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ඥානසාර හිමියන්ගේ නඩුව නැවත දෙසැම්බර් මස 7 වැනිදා කැඳවීමට නියෝග

Share This
ශුද්ධ වුණු කුරානයට සහ ඉස්ලාම් ධර්මයට අපහාස වන ලෙසට අදහස් ප්‍රකාශ කළේ යැයි පවසා අත්අඩංගුවට අරගෙන ඇප මත මුදාහැර සිටින 'බොදුබල සේනා'

සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇතැයි සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
අදාළ නඩුව  (2දා) කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසන් කර අදාළ වාර්තා පොලිස් නීති කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති බවයි. එම කොට්ඨාසය වෙතින් නීති උපදෙස් ලැබීමෙන් පසුව මෙම නඩුවට අදාළ ඉදිරි පියවර ගන්නා බවද පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 7 වැනිදා කැඳවීමට නියෝග කළේය.
එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට නියෝග කළේය.
මෑතකදී පොළොන්නරුව ප්‍රදේශයේදී ශුද්ධ වූ කුරානය සහ ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ප්‍රකාශ නිකුත් කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.
මෙම සිද්ධියට අදාළව ඉකුත් දා පොලිසියට භාර වූ ඥානසාර හිමියන් පසුව ඇප මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසද එම හිමියන් වෙත ඇප කොන්දේසියක් පැනවීමටද නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages