විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නැහැ-නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නැහැ-නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා

Share This

 අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඉකුත් මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු හදවතේ නැති අයකුට අධිකරණ අමාත්‍යධුරය දැරීමට නොහැකි බවද ඒ මහතා කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා එම කරුණු කීවේය.
“මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුවිය යුතුයි. මහාධිකරණයේ නඩුවක් විභාග කරන්න අවුරුදු 10කුත් මාස 2ක් ගත වන බව නීතිපති දෙපාර්තමේන්තුව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වුණා. එය නොවිය යුත්තක්. ඒ ක්‍රමය හොඳයි කියන අමාත්‍යවරයකුට අධිකරණ අමාත්‍යධුරය දරන්න බැහැ. එය සදාචාරාත්මක නැහැ. “
“අද මුළු පක්ෂය ඒකමතික තීරණයක ඉන්නවා. ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක මතයක ඉන්නවා. සඳුඳා වෙද්දි හොඳ තොරතුරක් ඒවි. අපි අපේ සටන නවත්වන්නේ නැහැ. මෙය පුද්ගලයකුට එරෙහිව කරන සටනක් නෙවෙයි. දේශපාලන ප්‍රශ්නයකුත් නෙවෙයි.“
“මෙය මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් තිබෙන අභියෝගයක් සහ ප්‍රශ්නයක්. සුදුසු පුද්ගලයන්, යුක්තිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය නියමිත පරිදි සිදුවිය යුතු බවට කැක්කුමක් තිබෙන පුද්ගලයන් තනතුරුවලට පත් කිරීමේ සටන අපි ජයග්‍රහණය කළ යුතුයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages