රාගම, උතුරු කොළඹ (ශික්ෂණ) රෝහලේ විකලාංග දන්ත සායනය මගින් දත් ක්‍රමත්ව සකස් කිරීම සඳහා අවුරුද්දකටත් වැඩි කාලයක් ඉදිරියට දින ලබා දීම හේතුවෙන් එම සායනයෙන් ප්‍රතිකාර පතා පැමිණෙන රෝගීන් බලවත් අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වෙයි.
මෙම සායනයෙන් ප්‍රතිකාර පතා පැමිණෙන රෝගීන්ගෙන් බහුතරයක් ළමුන් හා යෞවන යෞවනියන් බවද, මෙයින් සමහර දෙනෙක් පාසල් දන්ත චිකිත්සාගාර වලින් යොමු කෙරෙන සිසු සිසුවියන් බවද පැවසේ.
ඉහත සඳහන් පරිදි දත් ක්‍රමවත්ව සකස් කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් ඉදිරියට දින ලබා දීම නිසා, පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර පතා යා නොහැකි, අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් ඇතුළු රෝගීන් වඩාත් අසීරුවට පත්වෙතැයි දැනගන්නට ඇත.
මෙම කරුණු සලකා රාගම (ශික්ෂණ) රෝහලේ විකලාංග දන්ත සායනයෙන්, දත් ක්‍රමවත්ව සකස් කර ගැනීමේ සේවාවෙන් කඩිනම් වැඩපිළිවෙළක් දියත් කිරීමට ඇති ඉඩකඩ සොයා බැලීම පිළිබඳව රෝහලේ වෛද්‍ය අධ්යක්ෂවරයා ඇතුළු වගකිවයුතු අංශ වල අවධානය යොමු වීමේ අවශ්‍යතාව මෙම සායනයෙන් ප්‍රතිකාර ලබන රෝගීහු පෙන්වා දෙති.
No comments:
Post a Comment