සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ගැසට් කර තිබෙනවා.
පසුගිය 04 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම උපරිම සිල්ලර මිල ගැසට් කර ඇති බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන සම්බා සහල් 1Kgක් සඳහා රුපියල් 90ක උපරිම සිල්ලර මිලක් සහ ආනයනික සම්බා සහල් සඳහා රුපියල් 80ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
දේශීය නාඩු සහල් 1Kgක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප්රකාශයට පත් කර ඇත්තේ රුපියල් 80ක්.
ආනයනික නාඩු සහල් 1Kgක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 75ක් ලෙස ගැසට් කර තිබෙනවා.
දේශීය කැකුළු සහල් 1Kgක් සඳහා රුපියල් 78ක උපරිම සිල්ලර මිලක් සහ ආනයනික කැකුළු සහල් 1Kgක් සඳහා රුපියල් 65ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි පාරිභෙෘ්ගික සේවා අධිකාරිය පැවසුවේ.
මෙම උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට ද නියමිතයි.
No comments:
Post a Comment