ජංගම දුරකථන හරහා සිදුවන මුදල් හුවමාරු මාර්ගයකින් මුදල් ලබා ගෙන සිරකඳවුරක රැඳවියෙකුට මත්පැන් අලෙවි කළ බන්ධනාගාර නියාමකවරයෙකු පිළිබදව වාර්තා වෙනවා.
ඒ පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන්.
අදාල බන්ධනාගාර නියාමකවරයා සිරකඳවුරේ රදවා සිටින රැඳවියෙකුට මත්පැන් ලබා දී හසුව තිබෙන අතර ඔහු මේ සදහා මුදල් ලබා ගෙන තිබෙන්නේ ජංගම දුරකථන හරහා සිදුවන මුදල් හුවමාරු ක්රමයකින්.
මීට මාස දෙකකට පමණ පෙර මෙම සිදුවීම සිදුව ඇති අතර තවමත් අදාළ බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වෙනවා.
කෙසේ වෙතත් පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙ අනෙකුත් බන්ධනාගාර නිලධාරීන් චෝදනා කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තු උසස් නිලධාරීන්ගේද සහාය ඇතිව සිදුවීම සම්බන්ධ පරීක්ෂණ යට ගසා ඇති බවයි.
No comments:
Post a Comment