නාමල් රාජපක්ෂට අයත්ව තිබූ ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය අදාල නඩුවේ සැකකරුවන් මෙතෙක් නම් කර නැහැ - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

නාමල් රාජපක්ෂට අයත්ව තිබූ ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය අදාල නඩුවේ සැකකරුවන් මෙතෙක් නම් කර නැහැ

Share This
පසුගිය වසරේ සැප්තැම්බර් 05වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත්ව තිබූ ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය තමන් වෙත මුදාහරින ලෙස වත්මන් හිමිකාරිය ලෙස පෙනී සිටින ඩබ්.එම් ශාන්ති නැමති කාන්තාව ඇයගේ නීතීඥයින් මාර්ගයෙන් පසුගිය (03) වනදා අධිකරණයෙන් ඉල්ලා ඇති අතර එය මුදාහැරීමට අදාළ කටයුතු සිදු කිරීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සති තුනක කාලයක් ලබා දී තිබේ.
මෙතෙක් මෙම මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුවේ සැකකරුවන් නම් නොකිරීම හේතුවෙන් එම රථය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරිපිට දිරාපත්වෙමින් තිබෙන බැවින් එය නැවත තමන් වෙත මුදා හරින ලෙස ඇය ඉල්ලා ඇත.
මෙම මෝටර් රථය අත්අඩංගුවට ගත් මොහොතේ මෙහි හිමිකරුවා තමන් බව හර්ශන සිල්වා නැමැත්තෙකු විසින් පැවසුවද මෙහි සත්‍ය හිමිකාරිත්වය ඇත්තේ ඩබ්.එම් ශාන්ති නැමති කාන්තාවකට ය. ඇය, 2004 වසරේ ඝාතනයට ලක්වූ විජේන්ද්‍ර පීටර්ස් නොහොත් ජී බෝයිනම් පාතාල සාමාජිකයාගේ බිරිඳ ය.
මෙහි වත්මන් හිමිකරුවා යැයි 2016.09.05 දින මාධ්‍යවලට පැවසූ හර්ශන සිල්වා නැමැත්තා ඩබ්.එම් ශාන්ති නැමැත්තියගේ බැනා ය.
හර්ශන සිල්වා පොලීසියට ලබා දී ඇති කටඋත්තරය අනුව අනාවරණය වී ඇත්තේ විජේන්ද්‍ර පීටර්ස් නොහොත් ජී බෝයිනැමැත්තාගේ පුත්‍රයෙකු වන චමින්ද පීටර්ස් නැමැත්තා නාමල් රාජපක්ෂගේ මිත්‍රයෙකු බවත් චමින්ද පීටර්ස්ද කාර් රේස් පදින්නෙකු බැවින් ඔහු මගින් තමන් නාමල් රාජපක්ෂ හඳුනා ගත් බවත් ය.
චම්න්ද පීටර්ස් නැමැත්තාද පාතාල කටයුතුවලට සම්බන්ධවී සිටි අයෙකු වන අතර 2009 වසරේදී ඔහුද පාතාල වෙඩි පහරකින් මිය ගොස් ඇත.
චම්න්ද පීටර්ස්ගේ ඝාතනයෙන් පසු නාමල් රජපක්ෂගේ සෘජු මැදිහත්වීමෙන් විජේන්ද්‍ර පීටර්ස් නොහොත් ජී බෝයිනැමැත්තාගේ දියණියක වන චමෝදි පීටර්ස් නැමැත්තියට එයාර් ලංකා හි රැකියාවක් ලබා දීමට කටයුතු කර ඇති අතර රාජපක්ෂ පාලනය අවසන්වන තුරු ඇය එහි සේවය කර තිබේ.
එමෙන්ම මෙම මෝටර් රථය පසුගිය 2014 වසරේ මැයි පළමු දින නාරාහේන්පිටදී ත්‍රීරෝද රථයක ගැටී අතුරක් සිදු කර පළා ගිය රථය බවද පසුව තහවුරු වූ අතර එම අනතුරට මුහුණ දුන් එම්.ඒ. හර්ශ පුෂ්පකුමාර නැමැත්තා 2016.09.06 වනදින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාෂයට පැමිණ අදාළ මෝටර් රථය හඳුනාගෙන තිබිණි. පසුව ඔහු කටඋත්තරයක්ද ලබා දී තිබිණි.
එදින එම රථය අංක තහඩු රහිතව බේස්ලයින් පාරේ ගමන් කරමින් තිබියදි මෙසේ නාරාහේන්පිට ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබූ අතර එම අනතුරෙන් පසු මෙම මෝටර් රථය කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක් වෙත රැගෙනගොස් ඇත. ඉන් පසු නැවත මෙය කරළියට එන්නේ 2016.09.05 දින සිදු කළ අත්අඩංගුවට ගැනීමත් සමගය.
එකළ තිබූ රාජපක්ෂ පාලනයේ සිටි ඉහළ ප්‍රබලයන් ආරක්ෂක අංශද යොදා ගනිමින් දැඩි භීෂණයක් පතුරවමින් සිටි අතර මෙම අනතුර සිදු වූ අවස්ථාවේදීද එම රථය සම්බන්ධයෙන් කිසිදු නීතිමය කටයුත්තක් සිදු නොකර පොලිස් විශේෂකාර්ය බලකායේ සෙබළුන් යොදවා විනාඩි කිහිපයක් ඇතුළත අනතුර සිදු වූ ස්ථානයෙන් එය රැගෙන ගොස් තිබිණ.
මෝටර් රථය ගැටීම නිසා අනතුරට ලක් වූ ත්‍රීරෝද රථයේ සිටි තුවාල කරුවාව (එම්.ඒ. හර්ශ පුෂ්පකුමාර) රෝහලක් වෙත ගෙනයාමට හෝ කටයුතු කර නැති ඔවුන් අඩුම තරමින් එම අනතුර සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට හෝ එම ත්‍රීරෝද රථයේ පාර්ශවයට ඉඩ ලබා දී තිබී නැත.
මෙම ෆෝර්ඩ් මස්ටෑන්ග් වර්ගයේ මෝටර් රථය මෙරටට ගෙන්වීමේදී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන්වා ඇති බවත් එහිදී බරපතල අක්‍රමිකතා රැසක්ම සිදුකර ඇති බවත් අනාවරණය වී තිබිණි.
මන්ත්‍රීවරයා මෙම මෝටර් රථය ගෙන්වීමේදී රේගුවටත් මහා භාන්ඩාගාරයටත් බදු වංචාවක් සිදුකර තිබෙන අතර වත්කම්‍ සැඟවිම හා ආදායම්‍ බදු නොගෙවිම පිලිබඳ ප්‍රශ්නයක්ද හෙළි වී තිබේ.
ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙම වර්ගයේ මෝටර් රථයක් කර්මාන්ත ශාලාවෙන් පිටවන මිල රුපියල් මිලියන 09කි. එයට නැව් ගාස්තුද ලංකා රේගුව මගින් අයකරන ගාස්තුවද එකතු වේ. එන්ජින් ධාරිතාව 2000 වැඩි නම්‍ 100% ක්ද එන්ජින් ධාරිතාව 3000 වැඩි නම් 125% ක්ද එන්ජින් ධාරිතාව 5000ට වැඩි අගයක් ගනියි නම් 300%ක්ද රේගු ගාස්තු ලෙස අයකරයි.
එන්ජින් ධාරිතාව 5000ට වැඩි අගයක් ගනිති නම් එය මෝටර් රේස් කාර් ගනයට අයත් වන අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගෙන්වා ඇති ෆෝර්ඩ් මස්ටෑන්ග් රථයේ එන්ජින් ධාරිතාව 500‍0ට වැඩි අගයක් ගන්නා ලද්දකි. ඒ අනුව එය අයත් වන්නේ මෝටර් රේස් කාර් ගනයටය. ආනයන ගාස්තු ද ඇතුලත් වු කල නාමල් රාජපක්ෂගේ මෝටර් රථයේ අවසාන මිල රුපියල් මිලියන 45 නැතහොත් රුපියල් ලක්ෂ 450ක පමණ මුදලක් වේ.
කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන තිරු බදු රහිත බලපත්‍රය ඉඩලබා දෙන්නේ එන්ජින් ධාරිතාව 2000 සහ CIF වටිනාකම ඩෝලර් 50,000 ක් රථයක් ආනයනය කිරීමටය.
නමුත් ෆෝර්ඩ් මස්ටෑන්ග් රථයක එවකට CIF මිල ඩොලර් ලක්ෂයකි.
මෙවැනි කරුණු රැසක් අනාවරණය වී තිබියදී මෙම මෝටර් රථය අත්අඩංගුවට අදාළව සැකකරුවන් නම් කිරීමට කටයුතු නොකිරීම විශ්මය ජනක කාරනයකි. කෙසේ නමුත් මේ වනවිට එම මෝටර් රථය මුදාහැරීමට අදාළව කටයුතු සැලසීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සති තුණක කාලයක් ලබා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages