නැගෙනහිර පළාත් සභා මැතිවණය කල් දැමීමට අත උසවන්නේ නම් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් උතුරු-නැගෙනහිර ද්‍ර‍විඩ ජනයාගේ පමණක් නොව දකුණේ ප්‍ර‍ගතිශීලී ජනතාවගේ ද ද්‍රෝහියෙකු වනු ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

නැගෙනහිර පළාත් සභා මැතිවණය කල් දැමීමට අත උසවන්නේ නම් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් උතුරු-නැගෙනහිර ද්‍ර‍විඩ ජනයාගේ පමණක් නොව දකුණේ ප්‍ර‍ගතිශීලී ජනතාවගේ ද ද්‍රෝහියෙකු වනු ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

Share This
නැගෙනහිර පළාත් සභා මැතිවණය කල් දැමීමට අත උසවන්නේ නම් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් උතුරු-නැගෙනහිර ද්‍ර‍විඩ ජනයාගේ පමණක් නොව දකුණේ ප්‍ර‍ගතිශීලී ජනතාවගේ ද ද්‍රෝහියෙකු වනු ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මේ ආණ්ඩුව බලයට පැමිණියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට වැඩි බලයක් ලබා දෙන බව පවසමින් වුවත් අද වන විට එය සිහිනයක් වී ඇති බව ද ඔහු කියා සිටියේය.
උතුරු මැද, නැගෙනහිර මුස්ලිම් ජාතිකයින්ට පොරොන්දු වූ බලය බෙදාහැරීමක් ලබාදීමට වත්මන් රජයට තවම හැකි වී නොමැති අතර, ඔවුන් පළාත් සභා ඡන්ද කල් දැමීමට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුව හරහා පළාත් සභාව පාලනය කිරීමටත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට වන බව ද පැවසූ තෙන්නකොන් මහතා වැඩි දුරටත් කියා සිටියේ, ඒ තුළින් බලය බෙදා හැරීම වෙනුවට බලය තවදුරටත් පාර්ලිමේන්තුවට ගොනු වන යෝජනාවක් වනු ඇති බවයි.
මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ නම් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු  ද්‍ර‍විඩ ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ, දෙමළ ප්‍ර‍ගතිශීලි හෝ සාම්ප්‍ර‍දායික වතු කම්කරු නායකයින් සියලු දෙනා තම ජනතාවට ද්‍රෝහීවූවන් ලෙස ඉතිහාසයට එක් වනු ඇති බවත්,  එපමණක්  නොව, බලය බෙදා හැරීම සඳහා පළාත් සභා ක්‍ර‍මය වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තබා පෙනී සිටි දකුනේ සිංහල-මුස්ලිම්-දෙමළ ජනතාවට ද ඔවුන් එක ලෙස ද්‍රෝහි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages