කොන්දේසි කිහිපයකට යටත්ව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකරට අධිකරණය අද (09) ඇප ලබාදුන්නා.
රජයේ දේපළවලට හානි කළ නොහැකි බවත්, ප්‍රචණ්ඩකාරී ලෙස නොහැසිරිය යුතු බවත්, ඇප කොන්දේසි කඩ නොකළ යුතු බවත් මෙහිදී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ළහිරු විරසේකරට තරයේ අවවාද කළා.
ඇප කොන්දේසි කඩ කළහොත් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගතකරන බවයි අධිකරණය කියා සිටියේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඊයේ (08) ඇප ලබාදුන්නා.
පසුගිය ජුනි 21 තවත් සිසුන් පිරිසක් සමඟ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට කඩා වැදී එහි දේපළවලට රුපියල් ලක්ෂ 09කට ආසන්න පාඩුවක් සිදුකිරීම මොවුන්ට එල්ලවී ඇති චෝදනාවයි.
No comments:
Post a Comment