එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් අද (17 දා) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අද සවස 3.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන මෙම රැස්වීමේදී ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
මීට අමතරව ඉදිරි මැතිවරණය හා ඒවාට මුහුණ දීම සම්බන්ධවත් පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධවත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් ඊයේ (16 දා) පැවැසීය.
මේ අතර ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවසා නොමැති බවත්,තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්දැයි අද දිනයේදී බලාගතහැකි බවත් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
විජේදාස මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විමසීමේදී උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, විශ්වාසභංගයක් ගෙන ඒමට පෙර ප්රශ්නය විසඳා ගැනීමට හැකිවේවි යැයි තමන් විශ්වාසකරන බවයි.
No comments:
Post a Comment