මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් පසුගිය අගෝස්තු 21 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇත. මෙම පනත් කෙටුම්පත මගින් නව රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී හා අලුත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද කිහිපයක් වෙනස්කම්වලට භාජනය කර තිබේ.
මෙම නියමයන්ට අනුව රියැදුරු බලපත්‍රයක් අලුත් කිරීම සඳහා වූ සෑම ඉල්ලීමක් ම එකී රියැදුරු බලපත්‍රයේ කාලය අවසන් වීමට මාස තුනකට පෙර ඉදිරිපත් කළ යුතු වේ.
තවද ප්‍රධාන ප්‍රඥප්ථියේ 124 වන වගන්තිය ද මෙම කෙටුම්පත මගින් සංශෝධනය කර තිබේ. ඒ අනුව එම වගන්තියේ “ඉල්ලුම්කරු ශාරීරික වශයෙන් යෝග්‍යබවට“ යන වචන වෙනුවට “ඉල්ලුම්කරු ශාරීරික වශයෙන් හා මානසික වශයෙන් යෝග්‍ය බවට“ යන වචන ආදේශ කර තිබේ.
එසේම වාහන වැරදි සඳහා දඩ ගෙවීමේ දී නියම කර ඇති ඉලෙක්ට්‍රොනික මාධ්‍යයකින් ද ගෙවීමට හැකි බව එහි සඳහන් වේ.
මෙම නව පනත් කෙටුම්පත පහතින් කියවිය හැකිවේ.
http://documents.gov.lk/files/bill/2017/9/237-2017_S.pdf
No comments:
Post a Comment