20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ස්ථීරයි - අජිත් පී. පෙරේරා කියයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ස්ථීරයි - අජිත් පී. පෙරේරා කියයි

Share This
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පළාත් සභාවලින් සම්මත කිරීමේ දී කුමන තත්ත්වයක් උද්ගත වුවද එය පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකි වන නිසා බලාත්මක වන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
පළාත් සභා සියල්ලෙහි ඡන්දය එක ම දිනයක එකවර පැවැත්වීම, පළාත් සභා විසුරුවන දිනය නියම කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීම සහ එක ම දිනයක පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා ධුර කාලය දීර්ඝ කිරීම යනාදී යෝජනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වූ කරුණු වේ.
පළාත් සභාවල මතය විමසීම සඳහා පනත් කෙටුම්පත යොමු කළේ පළාත් සභා තුලින් මතු වන අදහස් හා යෝජනා පාර්ලිමේන්තුවේදී සලකා බැලීමට බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය. ඌව පළාත් සභාවේදී මෙය පරාජයට පත් වූ අතර දකුණු පළාත් සභාවේදී පසුගියදා අර්බුදකාරී තත්ත්වයක් විය.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages