මෙරට ලක්ෂ 45ක් වන සියලුම දූ දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් රජය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. නිදහස් අධ්‍යාපනය තවදුරටත් යථාර්ථයක් කරමින් පාසල් යන සියලුම දරුවන් ආවරණය වන පරිදි සුරක්ෂා රක්ෂණාවරණ හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ ද ඒ වෙනුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.පසුගිය කාලයේ විවිධ දූෂණ අක්‍රමිකතා මැද ක්‍රියාත්මක වූ අධ්‍යාපන අමාත්‍යාංශය, අද වනවිට යුගයේ අවශ්‍යතාවය අනුව ක්‍රියාත්මක වන විශිෂ්ඨ අමාත්‍යාංශයක් බවට පත් කිරීමට තමාට හැකි වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. නව ලෝකය ජයගත හැකි දැනුමින් සන්නද්ධ තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්ය භාරය විය යුතු බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ පසුගියදා ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ පිළිබදව ද කරුණු පැහැදිලි කළා. මෙම රක්ෂණය සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු ආවරණය සහ විශේෂ ප්‍රසාද දීමනාලෙස අංශ තුනකින් සමන්විත බවත් සෞඛ්‍ය රක්ෂණාවරණය මගින් නේවාසික ප්‍රතිකාර සඳහා රු 200,000/-ක ප්‍රතිලාභ හා බාහිර ප්‍රතිකාර සඳහා තෝරාගත් රෝගවලට අදාළව ඖෂධ , වෛද්‍ය ගාස්තු හා පරීක්ෂණ සඳහා රු10,000/-ක ප්‍රතිලාභ වාර්ෂික ව හිමි වන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා හදිසි අනතුරු රක්ෂණාවරණය යටතේ , අනතුරකින් ශිෂ්‍යයෙකු මියයාමේ දී මාපියන්ට අවමංගල්‍ය කටයුතු සදහා රු. 100,000/- ගෙවීමක් සහ අනතුරකින් මව/පියා මියයාමක දී ශිෂ්‍යයාට රු 75,000/- ද ගෙවීමක් සිදුකරන බව මෙන්ම සිසුන්ට සිදුවන අබලතාවක දී රු 100,000/- ක් දක්වා උපරිමයක ප්‍රතිලාභ හිමිවන බවද පෙන්වා දුන්නා. විශේෂ ප්‍රසාද දීමනා යටතේ පුද්ගලික රෝහල් ගාස්තු හා විශේෂඥ වෛද්‍ය ගාස්තුවලින් 20% ක අඩු කරගැනීමට තමන්ට හැකි වූ බවත් එහි සියලු ප්‍රතිලාභ ද සිසුන්ට හිමිකර දෙන බවත් සඳහන් කළා. එසේ ම රජයේ රෝහලකින් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රු 1,000/-ක් බැගින් දින 30ක් දක්වා හිමිවන දීමනාව පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.
මෙවන් ප්‍රතිලාභ රැසක් දැයේ ඒ දරුවන්ට දායාද කිරීම සඳහා තමන් ඇතුළු රජය කටයුතු කරමින් සිටින මොහොතක ඇතැම් පිරිස් විසින් නිදහස් අධ්‍යාපනය කප්පාදුවට ලක් කර ඇති බව පැවැසීම කණගාටුදායක තත්ත්වයක් බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළා.
අනාගතයේදී වූ රැකියා වෙළෙඳපොළ තුළ ඇතිවන නව රැකියා අවස්ථා වන්ට මුහුණ දීම සඳහා හැකිවන පරිදි විෂයමාලා නවීකරණය කිරීම මෙන්ම e - සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති Smart Class Room , උසස් පෙළ සිසුන් සදහා Tab පරිගණක ලබාදීම, 6 ශ්‍රේණියෙන් ඉහළ පන්ති පැවැත්වෙන සියලුම පාසල් සඳහා පරිගණක ලබාදීම ආදී වැඩසටහන් රැසක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී මාපියන් සහ ගුරුවරුන් දැනුවත් කළා.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන , ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්වූණා.
No comments:
Post a Comment