උත්සව සඳහා සහභාගි වීමේදී තමන් වෙත සමරු තිළිණ පිරිනැමීම වහාම නවතා දමන්න-අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

උත්සව සඳහා සහභාගි වීමේදී තමන් වෙත සමරු තිළිණ පිරිනැමීම වහාම නවතා දමන්න-අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

Share This

ප්‍රධාන ආරාධිතයා වශයෙන් විවිධ උත්සව සඳහා සහභාගි වීමේදී තමන් වෙත සමරු තිළිණ පිරිනැමීම වහාම නවතා දමන ලෙස උපදෙස්‌ දෙන්නැයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13 දා) අගමැති කාර්යාලයට උපදෙස්‌ දී ඇත.

එම සමරු තිළිණ සඳහා වැය කෙරෙන මුදල් යම් පුණ්‍ය කටයුත්තක්‌ සඳහා දායක කරගන්නා ලෙසත්, එසේ කරන්නේ නම් එම උත්සවයට සහභාගිවන විට තමන් දැනුවත් කරන ලෙසත් අගමැතිවරයා උපදෙස්‌ දී ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

එවිට සිය කතාවේදී එම සංවිධායක මණ්‌ඩලයට සිය ස්‌තුතිය පුදකිරීමට හැකිවනු ඇතැයිද අගමැතිවරයා පවසා ඇත. 

මේ පිළිබඳව උත්සව සංවිධායකයන්ට දැනුම් දීමට විශේෂ ලිපියක්‌ සකස්‌ කරන ලෙසද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය කාර්යාලයට උපදෙස්‌ දී තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages