නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ නවක වද සිද්ධිය පිළිබද අධ්‍යාපන අමාත්‍යවරයා වාර්තාවක් කැඳවයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ නවක වද සිද්ධිය පිළිබද අධ්‍යාපන අමාත්‍යවරයා වාර්තාවක් කැඳවයි

Share This
නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු වී ඇති බව පැවසෙන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතාට නියෝග කොට තිබෙනවා.  

නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇති අයිතීන් තහවුරු කරමින් නවක වද සිද්ධිය වැළැක්වීම සියලුදෙනාගේ අරමුණක් වියයුතු මොහොතක ගුරුවරැන් වීමට ඉගෙන ගන්නා සිසුන්ගේ විනය හා ශික්ෂණය පිරිහීයාම බරපතල ගැටළුවක් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

මීට පෙර ශ්‍රීපාද විද්‍යාපීඨයේ මෙවැනිම ආකාරයේ නවක වද සිද්ධියක් වාර්තා වූ අතර ඊට සම්බන්ධ වූ සිසුන් අට දෙනෙකුගේ පන්ති තහනමක් සිදු වී තිබෙනවා.මෙවැනි සිද්ධියක් ඇතිවීම සඳහා නිල්වලා විද්‍යාපීඨයේ ඇති වූ සිද්ධිය පිළිබඳව ද සොයා බලා ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages