ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (05) පෙරවරුවේ පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරෙන ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය විමසා බැලූ ජනාධිපතිතුමා අඩුපාඩු පවතින්නේ නම් අදාළ අංශ සමග සාකච්ඡා කර එම ගැටලූ විසදා ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.අනතුරුව ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් ඉංජිනේරුවන් සමග ද සුහද කථා බහක නිරත විය.
යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ති‍්‍රවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්විය.
මේ අතර ශී‍්‍ර ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (05) පෙරවරුවේ එක් විය.
අදාළ ඉංජිනේරුවන් සමග සුහද කථා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබද විමසා බැලූ ජනාධිපතිතුමා ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් ලබා දුන්නේය. ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුළුණේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹූම් මැදිරියක් ද ඉදිකෙරේ.
මෙම සියලූ ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව මෙහිදී ඉංජිනේරුවෝ ප‍්‍රකාශ කළහ.
No comments:
Post a Comment