හලාවත බැංකු ශාඛාවකින් මුදල් ලබා ගැනීමට ගිය අවස්ථාවේදී තමන්ට හිමි නැති මුදලක් නොසිතූ ලෙසන් තමන් අතට ලැබුණද එම මුදල ආපසු භාරදුන් නීතිගරුක පොලස් නිළධාරියෙකු පසුගියදා අපට මුණ ගැසිනි.
ඔහු නමින් සෝමපාල රන්පිටිගේ නැමති 54 හැවිරිදි පොලිස් නිළධාරියෙකි.මේ වන විට ඔහු කන්තලේ කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයට අනුයුක්ත සැරයන්වරයෙකු ලෙස රාජකාරි කරයි.
සෝමපාල මහතා ඔහුගේ අත්දැකීම මෙසේ විස්තර කළේය..
‘‘...මගේ දරුවෙක් ජපානයේ අධ්‍යාපනය ලබනවා.ඔහුගේ අධයාපන කටයුතු සඳහා මුදල් අප විසින් විටින් විට ඔහු වෙත යවනවා.එසේ මුදල් යවන්නේ මාරවිල පිහිටි බැංකු ශාඛාවක් හරහායි.ඉතින් මම මගේ ගිණුමක් ඇති හලාවත නගරයේ වෙනත් බැංකුවකට ගිහින් ගිණුමෙන් රැපියල් පන්ලක්ෂ පනස්දහසක (505 000) මුදලක් ආපසු ගනු ලැබුවා.
බැංකුව මා වෙත මුදල් ලබාදුන් අවස්ථාවේදී මම එම මුදල ගණන් නොකර මාරවිල බැංකුවට ගෙන ගොස් හලාවත බැංකුවෙන් ගත් මුදලින් රුපියල් පනස්දහසක් අතට ගෙන ඉතිරි මුදල දුන්නා මාරවිල බංකු ශාඛාවට.බැංකුව මා දුන් මුදල ගණන් කිරීමෙන් පසු මෙතැන රැපියල් පන් ලක්ෂ හතලිස් පන්සහක් තිබෙනවා ලක්ෂ පහක් නේද දිය යුත්තේ යැයි පවසා මා වෙත ආපසු භාරදුන්නා.මා පොතෙන් හලාවතදී ගත්තේ රුපියල් පන් ලක්ෂ පනස් දහසක් වුවත් මට හලාවත බැංකුව රුපියල් හතළිස් පන්දහසක මුදලක් වැඩිපුර දී ඇති බව මට තේරුම් ගියා.
මාරවිල බැංකුවෙන් කර ගත යුතු කටයුතු කරගත් පසු මම යළි හලාවත බැංකු වෙත ගොස් කළමණාකර මහතා මුණගැසී සිද්ධිය විස්තරාත්මකව දන්වනු ලැබුවා.පස්සේ මට මගේ ගිණුමෙන් මුදල් දුන් කවුන්ටරයේ රාජකාරි කළ මිස්ව මැනේජර් මහතා ළඟට ගෙන්වා ගෙන ඇයට විස්තරය කී විට ඇය ටිකක් බියට පත්වූ බව මට තේරුණා.
අනතුරුව මට බැංකුව ලබාදුන් හතළිස් පන්දහසක මුදල ආපසු බැංකුවට භාරදුන්නා.සමහර විට මා එම මුදල් නොදුන්නා නම් අර මිස්ට එම මුදල ගෙවන්න වෙන්නත් තිබුණා...‘‘..
No comments:
Post a Comment