විමල් විරවංශ මහතාගේ පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතුයි යන ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතු වෙමින් තිබියදී ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාව විසින්ද එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක්
දක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි
යෝජිත නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කලහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව යැදිය යුතු යයි එම පක්ෂ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා සදහන් කරයි.යෝජිත නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කලහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ නායක
ඊයේ (25) ගම්පහදී හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ එම ප්‍රකාශය වීරවංශ මහතාගේ පුද්ගලික මතය මිල පක්ෂයේ මතයක් නොවන බවත් එම ප්‍රකාශය සම්බන්යෙන් ජාතියට කණගාටුව ප්‍රකාශ කරන බවත්ය.අදාල ප්‍රකාශය නිසා අද රට තුල ඇති සාමකාමී තත්වයට ගැටළු ඇති කරවනු ඇතැයිද සදහන් කරන ඔහු ඉදිරි දිනකදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී වීරවංශ මහතා ජාතියෙන් සමාව ගත යුතුයයි යෝජනා කරන බවද සදහන් කරයි.මෙම ප්‍රකාශය කිසිසේතම පක්ෂයේ ප්‍රකාශක් ලෙස නොසකන ලෙස තමන් ජාතික සංවිධායකයා ලෙස ඉල්ලා සිටින බවද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේය.
No comments:
Post a Comment