ගැබ්ගත් බවට ව්‍යාජ කරුණක් මත දැරියක පාසලින් ඉවත් කළ සිද්ධිය පිළිබඳ සෙයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා‍ගෙන් නිලධාරීන්ට උපදෙස් විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වරදක් වී ඇත්නම් රාජකාරි වැඩ තහනම් කරනවා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ගැබ්ගත් බවට ව්‍යාජ කරුණක් මත දැරියක පාසලින් ඉවත් කළ සිද්ධිය පිළිබඳ සෙයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා‍ගෙන් නිලධාරීන්ට උපදෙස් විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වරදක් වී ඇත්නම් රාජකාරි වැඩ තහනම් කරනවා

Share This
කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රෙණියේ දැරියක ගැබ්ගෙන
ඇතැයි පවසමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ පාසලේ විදුහල්පතිවරියගේ
ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධියට අදාල තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ අවධානය යොමු කළ
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා
පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දුන්නා. අදාළ
දැරිය ගැබ්ගෙන ඇති බව පවසමින් පදනම් විරහිත කරුණක් මත ඇය පාසලෙන් ඉවත් කර ඇති
බවත්, වෛද්‍ය පරික්ෂණයේ දී එම සිසුවිය ගැබ් ගැනීමකට ලක්ව නොතිබූ බවටත් මාධ්‍ය ඔස්සේ
තොරතුරු වාර්තා කර තිබුණා.
යහමගට ගැනීමට සහ ඔවුන් හොඳ පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා පාසල්වලට යොමු
කෙරෙන දරුවන් මේ අයුරින් පාසල්වලින් ඉවත් කිරීමට යමෙකු අත්තනෝමතිකව ක්‍රියා කරයි නම්,
පාසල් වලින් බලාපොරොත්තු වන කාර්යභාර්ය ඉටු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ අධ්‍යාපන
අමාත්‍යවරයා, මෙවැනි සිදුවීම් වලින් දරුවන් මුහුණ දෙන මානසික පීඩනයන්ගෙන් ඔවුන් මුදා
ගැනීමටත්, ඔවුන්ට යහමග කියාදීමත් ගුරුවරුන්ගේ වගකීම සහ කාර්යභාර්ය බව ද අවධාරණය
කළා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන්
කරුණු විමසූ අධ්‍යාපන ලේකම්වරයා මේ පිළිබඳ වහාම පියවර ගන්නා ලෙස ඇයට උපදෙස් ලබා
දුන්නා.
ඒ අනුව අදාළ විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර
ඇති අතර වරදක් සිදු වී ඇත්නම් අදාල විදුහල්පතිවරියගේ රාජකාරි වැඩ තහනම් කරන බවත්,

දරුවාට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා
ඒකනායක මහත්මිය විසින් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා වෙත දන්වා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages