අකුණු නිසා අවුකන පිළිමය අවදානමක - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

අකුණු නිසා අවුකන පිළිමය අවදානමක

Share This
ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.
මේ දිනවල නිතරම අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට  අකුණු පාත් වූ බවත් මෙහි පවතින අවදානම පිළිබඳව ජනපති ඇතුළු වගකිව යුතු සියලු අමාත්‍යාංශ නිලධාරින් ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු අවධානයක්  යොමු නොකළ බව උන්වහන්සේ පවසති.
අවුකන බුද්ධ ප්‍රතිමාවට අකුණක් මගින් යම්කිසි හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම විෂයභාර ඇමැති දැරිය යුතු බවත් එමෙන්ම වහලය නිසියාකාරව සවි නොකිරීම නිසා වහලය මත වෑස්සෙන වතුර බුදු පිළිමය පිහිටි මලුවට පතිත වන බව ද උන්වහන්සේ පෙන්වා දෙති.
තමන් වහන්සේගේ මෙම ඉල්ලීම පිළිබඳව බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන නිසා තමන් බලවත් කනස්සල්ලට පත්ව සිටින බවද උන්වහන්සේ පවසති.  මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ හෝ අවධානය යොමුවී අවුකන බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි උන්වහන්සේ පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබදව අමාත්‍යංශයෙන් විමසූ අවස්ථාවේ දී දැනගන්නට ලැබුනේ

අවුකන පිළිමය ආවරණය කරමින් ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය හේතුවෙන් එම ස්ථානයට අකුණු පතිත වීමේ අවදානමක් පවතින බවට ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බවද මේ දිනවල පවත්නා දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්වයත් සමඟ අදාළ ප්‍රදේශයට වැඩි වශයෙන් අකුණු අනතුරු පැවතීමේ අවදානමක් පවතින බවට අවුකන රජමහා විහාරාධිපති හිමියන් ද ප්‍රකාශ කොට තිබු අතර වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

මෙවැනි ලෝක පූජිත බෞද්ධ උරුමයන් රැකගැනීම සම්බන්ධව සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග  පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල මහතාට උපදෙස් ලබාදුන් බවයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා අදාළ විශේෂඥ කණ්ඩායමක් අනුරාධපුරයට පිටත් කර යැවීමට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල මහතා පියවර ගෙන අැතිබවයි

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages