පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගැනීමෙන් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධයේ මන්ත්‍රීවරු තමන්ට විපක්ෂ නායක තනතුර අවශ්‍ය බව කියමින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළද එම ධූරය ලිඛිතව කතානායක කරැ ජයසූරිය මහතාගෙන් ඉල්ලා නැතැයි වාර්තා වේ.
පවතින තත්ත්වය අනුව අදාළ ධූරය ලබා ගැනීමට නම් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන්ගතයුතු වේ.
නොඑසේනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්විය යුතු වේ.
එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක තනතුර හිමි නොවන බව පැවසේ.
මීට පෙරද ඒකාබද්ධ විපක්ෂය මේ තනතුර ඉල්ලා ඉල්ලීම් කළද එම අවස්ථාවේද මෙම නීතිමය ගැටලුව පැනනැගීම නිසා එය අසාර්ථක විය.
ඒකාබද්ධයට ඕන මහ මැතිවරණයක් !
පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටිමින් ද පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවෙන් ජන්ද සටන මෙහෙයවූ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසේ මීළඟ ඉලක්කය වී ඇත්තේ මහ මැතිවරණයක් ලබා ගැනීම බව දේශපාලන විචාරක මතය වේ.
Post Top Ad
AD HERE
recent posts
Join Us On Facebook
Please Wait 10 Seconds...!!!Skip
යහපාලනේ තියනකම්ම මහින්දට විපක්ෂ නායකකම් නෑ.
Share This
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
AD HERE
People
මෙම පුවත් අසත්‍ය හෝ ඒ පිළිබඳව ඔබට යම් මතයක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඔබේ මතයට ඉඩක් ලබා දීමට අපි කැප වන්නෙමු.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
If this information is false or if you want to make a statement about it, we are committed to giving your opinion about it.
No comments:
Post a Comment