"ආණ්ඩුව නිෂ්පාදනය කර තිබෙන කොමඩි නාට්‍යයේ පළමු කොටස තමයි ඊයේ (25දා) පෙන්වූවේ. දෙවැනි කොටස ඊළඟ සතියේ පෙන්වයි. මේකට ජනතාව හිනා වෙයිද, අඬයිද ගල් ගහයිද මම දන්නේ නැහැ."
කැබිනට් මණ්ඩලයේ පළමු වටයේ සංශෝධනය ගැන ඉහත විග්‍රහය කරන්නේ විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතායි.
රාජ්‍ය ඇමැති සේනානායක මහතා පවසන්නේ ඊයේ (25දා) සිදුකළ කැබිනට් සංශෝධනය විහිළුවක් බවයි. මෙවැනි විහිළු සිදුකර ජනතාව රැවටිය නොහැකි බවද ඔහු සඳහන් කරයි.
රාජ්‍ය ඇමැති සේනානායක මහතා පවසන්නේ ඊයේ (25දා) සිදුකළ කැබිනට් සංශෝධනය විහිළුවක් බවයි. මෙවැනි විහිළු සිදුකර ජනතාව රැවටිය නොහැකි බවද ඔහු සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාව බලාපොරොත්තු වූ පැහැදිලි වෙනස ලබා දීමට රජය අසමත් වී ඇති බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25දා) පැවැති අමාත්‍ය මණ්ඩල සංශෝධන අවස්ථාවට සහභාගි වී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25දා) පැවැති අමාත්‍ය මණ්ඩල සංශෝධන අවස්ථාවට සහභාගි වී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.
"පැහැදිලි වෙනසක් යනුවෙන් අදහස් කරනුයේ අගමැති ධුරයේ වෙනසක්දැයි" මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා පැවැසුවේ "ඒ වෙනස හොඳින් හෝ නරකින් සිදුවෙයි" යනුවෙනි.
No comments:
Post a Comment