රංගේ බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරනවා ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න වලට අපි යථාර්ථවාදි විදියට ධනාත්මක විදියට විසදුම් හොයන්න ඕන. - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

රංගේ බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරනවා ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න වලට අපි යථාර්ථවාදි විදියට ධනාත්මක විදියට විසදුම් හොයන්න ඕන.

Share This
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන චෝදනා වලට සාකච්ඡා මට්ටමින් ධනාත්මක විසදුම් කරා යොමු විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසා සිටිනවා.
අද (26) ජනාධිපති ලේකම් කාර්යාලය අසලදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඒ සම්බන්ධයෙන් විදියට ඔබතුමාලා මොනවගේ තීරණයක් ද ගන්නේ?
“රංගේ බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරනවා ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න වලට අපි යථාර්ථවාදි විදියට ධනාත්මක විදියට විසදුම් හොයන්න ඕන. ”
නියෝජ්‍ය නායකයා විදියට ඔබතුමාට හිතෙනවාද මේ කියන කරුණු වල යම් සත්‍යතාවයක් තියනවා දකියලා?
“මම කිසිසේත්ම බැහැර කරන්නේ නෑ එතුමා කියන කතා වැරදියි කියලා.”
එතුමා පැහැදිළිවම කියන්නේ අගමැතිධූරයේ වෙනසක් වෙන්න ඕන කියලා ඒකියන්නේ ඔබතුමා කියන්නේත් එහෙම වෙනසක් වෙන්න ඕන කියලා?
“මම කියන්නේ යමිකිසි කෙන්කු කරන චෝදනාවන් බැහැර කරන්නේ නැතුව. යම් චෝදනාවක් ඉදිරිපත් කරන කොට අපි ඒවා සාකච්ඡා මට්ටමින් විසද ගන්න ඕන. ඔබතුමා මගේ කටට ඇතුල් වෙලා මගේ කටට වචන පුරවන්න හදන්න එපා. ඒක වැරදියි.ඒක සාධාරණ මාධ්‍ය සදාචාරයක් නෙමෙයි.”

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages