මන්නාරමේ කුඩා වැව් කීපයකම මසුන් මියගොස් දියේ පාවෙන්නට පටන් ගෙන ඇතැයි මන්නාරම දිසාපති කාර්යාලයේ ජලජීවී ඒකකයේ ව්‍යාප්ති නිලධාරීවරයා පවසයි.
මේ දිනවල පවතින අධික රෂ්මිය නිසා වැව් වල ජලයේ ඌෂ්ණත්වය ඉහළ යාමෙන් විය හැකි බව එම නිලධාරියා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් හදිසියේම මන්නාරමේ වැව් කීපයකම මසුන් මියයාම සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් දැනුවත් කිරීමට මන්නාරමේ ජලජීවී ඒකකකයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.
අධික හිරු රෂ්මිය නිසා සීමාසහිත ජල ප්‍රමාණයක් ඇති වැවුවල ජලය දූෂ්‍ය තත්ත්වයට පත්වීම නිසා මාලුන්ට ජීවත් වීමට නොහැකිව එම මාලුන් මියයන බව ප්‍රකාශ කල මන්නාරම ජලජීවී කාර්යාලයේ නිලධාරියා මේ වන විට එසේ හදුනාගත් කුඩා වැවු හයක මසුන් මැරීමේ කටයුතු තහනම් කොට ඇති බව පැවසීය.
හේතුවක් නොමැතිව මියයන මසුන් අල්ලා අලෙවි කිරීමට ඇතැමුන් පෙළඹිය හැකි නිසා ධීවර පරීක්ෂක නිලධාරීන්ට හා පළාතේ මත්ස්‍ය සමිති වලට මේ පිළිබදව තොරතුරු දැනුම් දී ඇතැයි ඔහු පවසයි.
No comments:
Post a Comment