නවීන පහසුකම්වලින් සමන්විත බහුදින ධීවර යාත්‍රා නිපදවීමේ වගකීම සී-නොර් ආයතනයට පැවරා ඇති අතර එම ආයතනය විසින් ඉතා හොඳ මට්ටමේ ධීවර යාත්‍රා නිපදවීම ආරම්භ කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
සී-නෝර් පදනම විසින් ප්‍රථම වරට නිපදවන ලද අඩි 59ක දිගින් යුත් බහුදින ධීවර යාත්‍රා දෙකක් දියඹ ගත කිරීම පසුගියදා මට්ටක්කුලිය සී-නෝර් පදනමේ ජැටියේ දී සිදුකර තිබේ.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර ඇත
පසුගිය කාලයේ පාඩු ලැබූ, වසා දමන්නට සැරසී සිටි සී-නෝර් ආයතනය අද ලාභ උපයන තත්ත්වයට පත්ව ඇත.
සී – නෝර් ආයතනයේ සේවක මණ්ඩලවලට ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කරගන්නට අවස්ථාව ලැබී තිබේ.
මේ සියල්ල අපිට කළ හැකි වුනේ නිවැරදි කළමණාකාරිත්වයක් යටතේ ඉදිරියට ගෙන යාමට කටයුතු කළ නිසාය.
වත්මන් රජය යටතේ 2020 වන විට රැකියා දසලක්ෂයක් ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.
ධීවර අංශයෙන් අපි රැකියා ලක්ෂයක් ලබා දීමට සුදානම් වන අතර පසුගිය වසර තුළ ජලජීවි වගා අංශයේ රැකියා අවස්ථා 8000ක් පමණ නිර්මාණය කළ බවඳ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
No comments:
Post a Comment