උතුරු පළාත් සභා කාන්තා කටයුතු ඇමැතිනි ආනන්දි සසිදරන් හා ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ තරුණ සංගමයේ සභාපති සිවගරන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන සාමාජික පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම් තුරේරාජසිංහම් සඳහන් කරනවා.
එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස්වී මේ තීරණය ගත් බවයි ඔහු සඳහන් කරන්නේ.
ඔවුන් දෙදෙනා විසින් පක්ෂයට විරුද්ධව සිදුකරන ලද විවිධ ක්‍රියා සම්බන්ධයෙන් තමන්ට ලැබුණු පැමිණිලි මත පළමුව විනය පරීක්ෂණ සිදු කොට දැඩි අවවාද සිදු කොට තිබුණු බවත් එහෙත් දිගින් දිගටම ඔවුන් දෙදෙනා විසින් පක්ෂයට එරෙහි කටයුතුවල නිරතවීම හේතුකොට ගෙන මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළා.
පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට තිබියදී ඊට එරෙහිව ආනන්දි සසිදරන් හා සිවගරන් කටයුතු කිරීම ඔවුන් දෙදෙනාට එල්ලවී ඇති චෝදනාවක් වේ.
කෙසේවෙතත් ආනන්ද සසිදරන්ගේ මන්ත්‍රිධූරය හා අමාත්‍යධූරය පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
No comments:
Post a Comment