පසුගිය පෙබරවාරි 22 වන දින තෙල්දෙණිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ලොරි රථයක රියදුරුවරයෙකු ලෙස රැකියාවේ නිරත වූ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී තිබෙන අතර, පහරකෑමට ලක්වීමෙන් පසු එම පුද්ගලයා නුවර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර,ඔහු ඊයේ පාන්දර (04) දා මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තෙල්දෙණිය, මොරගහමුල, පුවක් ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි හීපිටියේ ගෙදර කුමාරසිංහ නම් අයෙක් වන අතර ඔහු මිය යන විට 42 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකුයි.
එදින රාත්‍රියේ කුමාරසිංහගේ ලොරි රථය පසුපසින් පැමිණ ඇති අතර, ත්‍රීරෝද රථයකට ඉස්සර නොකිරීමට ඉඩ ලබා නොදුන් බව පවසමින් සහ ලොරි රථය මාර්ගය අවහිර කර ඇති බවට සඳහන් කරමින් එම ත්‍රීරෝද රථයේ සිටි තරුණයන් හතරෙදෙනෙකු ඔහුට අමානුෂික ලෙස පහරදී ඇත.
සිදධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පසුව රෝහල් ගත කර ඇති අතර මියයන තෙක්ම ඔහු මැෂින් අධාරයෙන් සිට ඇති බවද වාර්තාවෙයි
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් හතරදෙනාම එදිනම පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සිව් දෙනාම ලබන මාර්තු 07දා දක්වා ඔවුන් බන්ධනාගාරගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා සිංහල පුද්ගලයෙක් වීමත්, පහර දුන් පුද්ගලයන් සිව් දෙනා මුස්ලිම් ජාතිකයන් වන බවටත් සඳහන් කරමින් ඊයේ රාත්‍රියේ ප්‍රදේශයෙන් පිට පිරිසක් පැමිණ තෙල්දෙණිය මොරගහමුල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් කඩයක් ගිනි බත් කොට තිබෙනවා.
එයින් පසුව පොලිසිය විසින් පුද්ගලයන් 24ක් අත් අඩංගුවට ගෙන ඇති අතර එයින් 10දෙනෙක් සෘජුවම මෙම ගිනි තැබීමට සම්බන්ධ බවයි වාර්තා වන්නේ.
එම සිදුවීමෙන් පසු අත් අඩංගුවට ගත් පුද්ගලයන් කිහිප දෙනා පොලිස් අත් අඩංගුවෙන් මුදා හරින ලෙසට වූ සිදුවීමක් තෙල්දෙණියේ පොලිසිය අසල සිදුවීමක් වාර්තා වුනා..
මේ එහි ඡායාරූපයි.
No comments:
Post a Comment