මීට පස්සෙ දේශපාලඥයන්ට සිද්ධ වෙනව‍ා මාධ්‍ය ගැන හිතලා මාධ්‍යයට කැමති විදියට හැසිරෙන්න. -අමාත්‍ය මහින්ද අමරවීර මහතා - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

මීට පස්සෙ දේශපාලඥයන්ට සිද්ධ වෙනව‍ා මාධ්‍ය ගැන හිතලා මාධ්‍යයට කැමති විදියට හැසිරෙන්න. -අමාත්‍ය මහින්ද අමරවීර මහතා

Share This
මෙවර මැතිවරණ ජයග්‍රහණයේ සතුට බුක්ති විඳින ප්‍රධාන කණ්ඩායම මාධ්‍ය ආයතන කීපයක්. ඒ ගෙ‍ාල්ල තමයි මේ මැතිවරණය ජයග්‍රහණය කරලා දුන්නෙ. මීට පස්සෙ දේශපාලඥයන්ට සිද්ධ වෙනව‍ා මාධ්‍ය ගැන හිතලා මාධ්‍යයට කැමති විදියට හැසිරෙන්න. නැත්නම් ඡන්දයක් කරලා දිනන්න ලේසි වෙන්නෙ නැහැ යනුවෙන්" අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා පවසයි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ පසුගිය 04 වනදා සවස අඟුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර,
''මගෙන් රස්සා ගත්තු අය අපට හරියට වැඩ කළා නම් අපිට ඡන්දයක් කරන්න දෙයක් නෑ. සමහර අය ඡන්දෙ දුන්නෙ පොහොට්ටුව දිනුවම ඡන්දෙ දවසට පසුදා මහින්ද මහත්තය අගමැති වේවි කියලා හිතාගෙන. ඒ වගේම සමහර අය මහින්ද මහත්තයට ජම්පර් අන්දන්න, ප්‍රජා අයිතිය අහෝසි කරන්න කථා කළ නිසා ඒ අයට පින්සිද්ද වෙන්න ඒ ඡන්ද ටිකත් අපිට අහිමි වුණා. පොහොර හිඟය, ඉන්ධන හිඟය, නියඟය, ගංවතුර වගේ හේතු ගණනාවක නරක ප්‍රතිඵලය තමයි ඡන්දෙන් ප්‍රකාශයට පත්වුණේ.
අපි ඒකට මිනිස්සු එක්ක වෛර බැඳගන්න ඕන නෑ. ඒ මිනිස්සු කියපු දේ පිළිබඳව අවධානය යොමු කරලා නිවැරදි විදියට වැඩේ කරන එක තමයි අපේ රජයේ වගකීම හා යුතුකම. මේ රජය විශාල හොඳ වැඩ කොටසක් කළා. ඒත් අවාසනාවට ජනතාවට ඒවා පැහැදිලි කරලා දෙන්න බැරි වුණා. කිසිම වේදිකාවක කිසිම මාධ්‍ය වැඩසටහනක ඒවා කිවුවෙ නෑ. කිවුව ඒවා මාධ්‍යවල පල වුණෙත් නෑ. මේ ආණ්ඩුව ආවට පස්සෙ ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කළා. ඒ ටික වැඩි කළා නම් අනිත් හැම බඩුවකම මිල වැඩි වෙනවා. ගෑස් මිල, කිරිපිටි, සීනි, සැමන්, පරිප්පු මිල එදාට වැඩිය තාම අඩුයි.
සමහරවිට අපිට සිද්ද වෙයි මාධ්‍ය ආයතන ටිකක් දාන්න. එහෙම නැතිනම් ඒ තියන මාධ්‍ය කියන විදියට ඒගොල්ලන්ටත් උදවු කරගෙන වැඩ කරන්න සිද්ධ වේවි. ඒ අයට ජාතික ලැයිස්තුවෙ මන්ත්‍රීකම් ටිකක් දීලා, එහෙම නැත්නම් වෙන ආයතනවල තනතුරුකම් ටිකක් දීලා ඒ ව්‍යාපාරවලට උදවු කළොත් වෙන මොනව නොකළත් ඡන්දෙ දිනාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මාධ්‍යවලින්ම දිනාගන්නත් පුළුවන්, මාධ්‍යවලින්ම පරදින්නත් පුළුවන්.''
ෆේස්බුක්වල දවස ගානෙ බොරු කිය කියා දැම්මා. හම්බන්තොට මිනිස්සු ඡන්දෙ නොදෙන්න තවත් හේතුවක් තමයි වරාය විකුණුවා, චීන්නු පනස්දාහක් පදිංචියට එනවා, අක්කර තිස්පන්දාහක් විකුණනවා, මත්තල විකුණනවා, හම්බන්තොට අලුතින් හදපු රෝහල චීන්නුන්ට විකුණලා ඉවරයි. දැන් මිනිස්සුන්ට තේරෙනවා. මහින්ද මහත්තයට ජම්පර් ඇන්දෙව්වෙත් නෑ. රෝහල වික්කෙත් නෑ. අක්කර තිස්පන්දාහක් වික්කෙත් නෑ. කියපු විදියට බඩු මිල වැඩි වුණෙත් නෑ ඡන්දෙන් පස්සෙ. දැන් සමහරු හිතනවා මොකද්ද අපි කරගත්තෙ කියලා.''

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages