මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන පසුගිය සති දෙකක කාලය තුළ පාර්ලිමේන්තුව තුල හා ඉන් පිටත දියත් කරන ලද කුමන්ත්රණකාරී වැඩපිළිවෙළට හා ක්රියාකලාපයන්ට විරෝධය පළ කරමින් දැනට සිටින මන්ත්‍රීන් 20 කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් පාර්ලිමේන්තු ප්‍රධාන සම්ප්‍රධායන් පවා විනාශ කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දමා බලය පමණක් ඉලක්ක කරගෙන කටයුතු කිරීම නිසා රට මහත් විනාශයකට ඇද වැටෙන බව ඔවුන්ගේ මතය වී ඇත. විශේෂයෙන් සිරිසේන ජනාධිපතිවරයා යහපාලනය සම්බන්ධයෙන් හැට දෙලක්ෂයක් ජනතාව හමුවේ තැබූ බලාපොරොත්තු අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කිරීමද ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කොතෙක් අඩුපාඩු තිබුණත් ඒවා නොසලකා හැර ඔහු සමග එකට සිටගැනීම ගැනීම් සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ වෙත පාවා දී ඇති බව මෙම මන්ත්‍රීවරුන් ගේ අදහස වී ඇත.
මහින්ද රාජපක්ෂද මෙම ක්ෂණික වෙනස්වීම කිසිසේත්ම අනුමත නොකරන බවත් එක්කෝ බලයට ඇති කෑදරකම නිසා නොඑසේ නම් නඩු වලින් බේරීම සඳහා තමන් විසින් ගොඩනගා ගෙන ආ දේේශපාලන ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම්ට ඔහු කටයුතු කර ඇති බව ඔහුගේ පාර්ශ්වයෙන් අදහස් දක්වන කලකිරීමට ලක් වූ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.මෙම නිසාම මෙම කණ්ඩායම රාජපක්ෂ සහ සිරිසේන හවුලට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීන්දුකර ඇති බව වාර්තා වේ.
No comments:
Post a Comment