ජනපති සිරිසේන හෙට මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කර, පව් සොදා ගැනීමේ වෑයමක
අද සවස වන විට මොරගහකන්ද ජලාශයේ මුළු ජල ධාරිතාවයට තවත් එක් අඩියක් පමණ අඩුවෙන් ජලය ඇති බව ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා. අද රාත්‍රිය වන විට සම්පූර්ණයෙන්ම ජලාශය ජලයෙන් පිරෙනු ඇති බව විශ්වාස කරයි.
එසේම, සමස්ථ රටම මේ වන විට ජනපතිගේ අත්තොනෝමතික දේශපාලනයෙන් යටවි ඇත. මුළු රටම බෙල්ල ළඟට යටවි ඇති අතර, ජනපති හැරුනු විට දේශපාලන ජලාශය නිර්මාණය කළ ප්‍රධානියා වන අගමැති මහින්ද රාජපක්ෂ ද හෙට මධ්‍යම රාත්‍රිය වන විට දේශපාලන සයුරේම ගිලී මියැදෙන්ට ආසන්නයේ ඇත.
මොරගහකන්ද ජලාශයේ වැඩි ජලය හෙට වාන් දොරවල් ඇර විවෘත කරනු ලබන්නේ ජලාශ නිම්නයේ සිටින ජනතාවට හානියක් නොවන පරිදි අදාල දැනුම්දීම් නිකුත් කිරිමේන් අනතුරුවයි. ඒ අනුව, ජනපති හෙට මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කරනවා යැයි ප්‍රචාරය කිරිම සාමාන්‍ය පුවතකි.
නමුත්, මොරගහකන්ද ජලාශය විවෘත කිරිමේන් පසුව ජනපති සිරිසේන කරනු ලබන කතාව ගැන අප අවදානයෙන් සිටිය යුතුය. හේතුව එම කථාවෙන් පසුව ජනපති කෙළින්ම කොළඹ එන්නේ වාන් දැමිටම ආසන්න දේශපාලන සයුරේ වේලි ඇරීම සඳහාය. කලින් දැනුම් දී දේශපාලන වේලී විවෘත කිරිම මෛත්‍රි ජනපතිට නුපුරුදු දෙයකි. ඒ නිසා හෙට රාත්‍රියේ හෝ අනිද්දා දවස තුළ කුමන මොහොතක හෝ දේශපාලන සාගරයේ දොරවල් විවෘත කරනු ඇත.
අප නොසිතන චරිත දේශපාලන ජලාශයේ ගිළි මියැදෙනු ඇත. සමරුන්ට වතුර පෙවෙනු ඇත. තවත් සමහරුන් බොරදියේ මාළු බානු ඇත. තවත් සමහර අය දිය යටින් ගින්දර ගෙනයනු ඇත. තවත් අය බේරා ගැනීමට විශේෂ බෝට්ටු පැමිණෙනු ඇත.
ඒ නිසා හෙට ජනපති සිරිසේන මොරගහකන්දේදි කන්නේ මොනවාදැයි හොඳ විමසිල්ලෙන් සිටිය යුතුමය. හෙට (නොවැම්බර් 30) සහ දෙසැම්බර් 03 යන අතර ඇති දින 04 ක කාලය තුළ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අමරනීය මතකයන් රාශියක් දැයට ඉතිරි කරනු ඇත.
ඒ අනුව, ඉතාම ඉක්මණින් අනාගත දේශපාලන ගමන් මඟට නව මාවත් විවර කරන බව, රට යන දෙස බලා සිරි ගොසිප් වාර්තා කරන්නේ ඉතාම සැළකිල්ලෙනි.
No comments:
Post a Comment