ජනපති ඊයේ රෑ කණ්ඩලම හෝටලයේ පිස්සු නටයි - අඩි තුනක් තිබියදි මොරගහකන්ද විවෘත කරයි - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

ජනපති ඊයේ රෑ කණ්ඩලම හෝටලයේ පිස්සු නටයි - අඩි තුනක් තිබියදි මොරගහකන්ද විවෘත කරයි

Share This


මුළු රටම අගාධයට ඇද දැමු මෛත්‍රිපාල සිරිසේන ජනපති අද සාමාන්‍ය කම්කරු කාර්යයකට මොරගහකන්දේ දී සහභාගී වී ඇති බැවින් රෝමය ගිනිගත් වෙලාවේ නීරෝ වීණා වැයුවා සේ ” යන ලෝක සාහිත්‍ය තුළ ප්‍රකට ප්‍රස්තා පිරුල සිහිපත් විය.
ඔක්තොම්බර් 26 සිට අද වන විට රුපියල් බිලියන 630 ක අලාභයක් මෛත්‍රි-මහින්ද නාඩගමෙන් රටට අහිමිව ඇති බව වාර්තා වන අවස්ථාක රටක ජනපතිට මෙතරම් සැහැල්ලුවෙන් මොරගහකන්ද වාන් ජලය නික්ම යන දෙස බලා සිටිය හැකිද.
වාන් මට්ටමට තවමත් අඩි තුනක් පමණ තිබිය දී සංදර්ශනයක් සඳහා ජනපති වාන්දොර විවෘත කර ඇති බැවින් නැවත වරක් ජනපතිට වැළඳි ඇති බින්නෝන්මාදී රෝගයේ තරම ප්‍රකට වේ. මහවැලි අධිකාරියේ ඉන්ජිනේරුවන් පෙන්වා දෙන්නේ ජනපතිගේ හදිසිය නිසා නිරපරාදේ ජලය මුදාහැර ඇති බවයි. ඒ අනුව, අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු ජල සම්පත ද ජනපති සිය ආශාවන් හා බල ව්‍යාප්තිය සඳහා යොදා ගන්නා තරමට පහත් තත්ත්වයකට පත්වීම මුළු රටේම අවාසනාවකි.
ඊයේ රාත්‍රියේ ජනපති හදියියේම කණ්ඩලම හෝටලයට ගොස් කාමර දහයක් ගෙන නවාතැන් ගෙන ඇත. තරමක් නොසන්සුන් තාවයකින් මෙන් පිහිනුම් තටාකයේ සිටි ජනපති ටික වේලාවකින් කණ්ඩලම වැව දෙසට දිවගොස් ඇති අතර, ආරක්ෂක අංශයද ඒ දෙසට දිවගොස් ඇති බවද කණ්ඩලම හෝටලයේ අපට හිතවත් සේවක මහතෙකු සිය ඇසින් දුටු දේ ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට නැවතවරක් අගමැති කරවීමට සිදුවීම පිළිබඳව ඉතා කනස්සල්ලෙන් සිටි බවද වාර්තා වේ.
මෙවන් ජනපතිවරයකුගෙන් තවදුරටත් අප බලා පොරොත්තු වන්නේ කුමක්ද යන පැනය අද වන විට අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතු තත්ත්වයක් උදාවී ඇත.
ජනපති මාධ්‍ය ඒකකය හා රාජ්‍ය මාධ්‍ය ආයතන තරඟෙට ජනපතිගේ පිංතූරු ගනිමින් ඒවා එම මොහොතේ ම ජනපතිට පෙනවමින් මොරගහකන්දේදි අනිකුත් මාධ්‍යෙව්දීන් හිනස්සවන අයුරින් කටයුතු කර ඇති බවද ගොසිප් වෙත වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages