පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත‍්‍රීවරුන් නම් කිරීමට සභානායක කාර්යාලයට බලයක් නෑ - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත‍්‍රීවරුන් නම් කිරීමට සභානායක කාර්යාලයට බලයක් නෑ

Share This
අගමැතිවරයෙකු, ආණ්ඩු පක්ෂයක් හෝ සභානායකවරයෙකු වත්මන් පාර්ලිමේන්තුවේ නොමැති බව හැන්සාඞ් වාර්තා අනුව නිල වශයෙන් තහවුරු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ඒ අනුව ආණ්ඩුවේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත‍්‍රීවරුන් නම් කිරීමට සභානායක කාර්යාලයට බලයක් නොමැති බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.
සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නියෝජිතයින් 07 දෙනෙකු නම් කරමින් එය කථානායකවරයා වෙත දැනුම් දීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (21) කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් අප කළ කරුණු විමසීමකදී  පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මෙම අදහස් පළ කළා.  
ජනතා විමුක්ති පෙරමුණ ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් දෙදෙනෙකු නම් කර යැවූවත් ඊනියා සබානායකට එවැන්නක් සිදුකළ නොහැකිබව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages