ව්‍යවස්ථානූකූලව තවමත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වනුයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාය. ඒ අනුව, නිත්‍යානුකූල රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වනුයේදී රංජිත් මද්දුමබණ්ඩාර මහතාය.
එම ලිපිය පහළින්...
රංජිත් මද්දුමබණ්ඩාර අමත්‍යවරයා අද විවෘත ලිපියක් සියළුම රාජ්‍ය නිලධාරීගේ අවධානයට ඉදිරිපත් කළේය.
රාජ්‍ය මූල්‍ය කලමණාකරණය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය ප්‍රකාරව සෘජු බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, නිතී විරෝධි ආණ්ඩුවක් රට තුළ තීන්දු තීරණ ගන්නා පසුබිමක, රාජ්‍ය නිලධාරීන් එම තීරණ සමග එක්ව කටයුතු කිරීම බරපතල වරදක් නිසා එවැනි කටයුතු වලින් වළකින ලෙස ලිපියෙන් ඉල්ලා ඇත.
ඒ අනුව, නිත්‍යානුකූල නොවන රජයක් ඉල්ලා සිටින කිසිඳු ගෙවිමක් නිර්දේශ කිරීම හෝ අනුමත කිරිමෙන් බැහැර වන ලෙස සියළුම රාජ්‍ය නිලධාරින්ට දැනුම් දී ඇත. යම්කිසි ලෙසකින් අනීතික ලෙස කටයුතු කරනු ලබන රාජ්‍ය නිලධාරීන් රජයට අගතියක් වන ලෙස මුදල් අවභාවිත කළ හොත්, නීත්‍යානුකූල රජයක් බලයට පත්වු වහාම එවැනි නලධාරීන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කර සිදුවි ඇති අලාභය පෞද්ගලිකව අය කර ගැනීමට කටයුතු කරන බවත්, සමහර විට විශ්‍රාම වැටුප පවා අහිමි විමේ අවධානමක් ඇති බව පෙන්වා දී ඇත.
උද්ගත වී ඇති තත්ත්වය හමුවේ විනය ගරුක රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාමට සියළුම නිලධාරීන් කටයුතු කරනු ඇතැයි අප ද විශ්වාස කරමු. කිසියම් රාජ්‍ය නිලධාරියකු අනීතික රජය යටතේ මුදල් අවභාවිතා කළ හොත් ගොසිප් අප ද ඒ බව රටට හෙළි කිරිමට කටයුතු කරන බව කාරුණිකව දන්වමු.
එම ලිපිය පහළින්...
No comments:
Post a Comment