මේ මහනුවර සිට කොළඹ බලා අද දහවල් (24) ධාවනය වූ දුම්රියයි.එම දුම්රියේ සිටි එක් මගියෙක් පිළිබඳව අනෙකුත් මගීන් විමසිලිමත්වන අයුරු දක්නට ලැබුණා.
කොළඹ දුම්රියට අමුත්තෙකු වුව ද මේ මගියා අනෙකුත් මගීන්ට අමුත්තකු වුණේ නැහැ.
මේ මගියා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් .
ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය සහ ඒකාධිපති වියරුවට එරෙහි ජනරැළි මාළාව අද (24) මහනුවර නගරයෙන් ඇරඹුනේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ද සහභාගීත්වයෙන් .
එම රැළියෙන් අනතුරුව මාර්ගයේ වාහන තදබදය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කොළඹ පැමිණීමට මෙලෙස දුම්රියට ගොඩ වී ඇති බවයි පසුව වාර්තා වුණේ.
No comments:
Post a Comment