මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන අන්තිම දින තුන මේ වන විට ගෙවමින් පවති. ලබන බදාදා (28 දින) පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ ලබන අන්ත දේශපාලන පරාජය අත්විදින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දී ඇත.
මේ වන විටත් අග්‍රාමාත්‍ය කාර්යාලයට ලබාදී ඇති සියලු මූල්‍ය පහසුකම් අත්හිටුවීමට එක්සත් ජාතික පෙරමුණ විසින් කතානායකවරයාට යෝජනාවක් බාරදී ඇත.
ඒ අනුව, යෝජනාවට අදාළ ඡන්ද විමසීම ලබන බදාදා (28) සිදු කිරීමට නියමිත අතර එම අවස්ථාවේදී නැවත වරක් මහින්ද රාජපක්ෂ මහතාට බහුතර බලය ඇත්නම් පෙන්විය හැකි බව එක්සත් ජතික පෙරමුණ පෙන්වාදෙයි. මහින්දට බහුතරය පෙන්විය නොහැකි නම් අගමැති කාර්යාලයට වෙන්වන මුදල් එම මොහොතේ සිට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රි ඡන්දයෙන් කපා හරින බව වැඩිදුරටත් අනාවරණය වේ.
මේ අතර, 28 දින අගමැති මහින්ද බහුතර බලය පෙන්නුවේ නැති නම් ශ්‍රීලනිපයේ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර ඇතුළු අමාත්‍යවරු පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධින කණ්ඩායමක් වීමට සුදානම් වේ.
No comments:
Post a Comment