රට තුළ උද්ගතවී ඇති දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් ලබාදෙන ණය හා සහනාධාර අත්හිටුවිමේ පසුබිම තුළ ආර්ථික අර්බුදයක් කරා රට යොමු කර හමාරය.
විදෙස් ණය වාරික ගෙවා ගැනීමේ බරපතල අර්බුදයකට මුහුණදී සිටින කුමන්ත්‍රණ ආණ්ඩුව ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු තුනෙන් මුදල් ලබා ගැනීමට සුදානම් වේ. එය එම බැංකු තුන ඉතිහාසයේ දරුණුම කඩා වැටීමට ලක් කරවන්නක් බව බැංකු නිලධාරීන් පෙන්වා දී ඇති බවත් බැංකු රැක ගැනීම සඳහා එම නිලධාරීන් පාරට බහින බවද වැඩි දුරටත් අනාවරණය කරයි.
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවලින් අන්තර් ජාතිකව ඩොලර් මිලියන 1000ක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනයෙන් හා චීන සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 500ක් ලබාගැනීමෙන් මෙම ණය වාරිකය ගෙවීමට සැලසුම් කර තිබීම හමුවේ වීම විශේෂත්වයකි.

No comments:
Post a Comment