මහින්දගේ සෙල්ලම් ඉවරයි - අග්‍රාමාත්‍ය ලේකම්ට මුදල් බලතල නෑ - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

මහින්දගේ සෙල්ලම් ඉවරයි - අග්‍රාමාත්‍ය ලේකම්ට මුදල් බලතල නෑ

Share This


අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් රාජ්‍ය මුදල් භාවිත කිරිමේදී අවසන් බලය ඇති ගණන්දීමේ නිලධාරියා වනුයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාය. මුල්‍ය බලතල ඇත්තේ පාර්ලිමේන්තුව සතුවයි. අගමැති මහින්ද රාජපක්ෂ අනීතික ආණ්ඩුවක් පිහිටුවාගෙන අගමැති ලෙස රජයේ මුදල් අවභාවිත කරීම වහාම නැවැත්වීම අරමුණු කරගෙන එජාප ප.ම රවී කරුණානායක මහතා ගෙන එන ලද යෝජනාව වැඩි ඡන්ද 123 සම්මතවී ඇත.

ගරු කතානායකවරයා යෝජනාව සම්මත වු බව පිළිගෙන ඇති අතර, විපක්ෂව කිසිදු ඡන්දයක් භාවිත කර නොමැති බව පාර්ලිමේන්තුවෙන් වාර්තාවේ.

ඒ අනුව, මේ මොහොතේ සිට අග්‍රාමාත්‍ය ලේකම්ට අගමැති මහින්ද වෙනුවෙන් එක ශතයක් වියදම් කිරීමට කිසිඳු බලයක් නැති නිසා මහින්ද රාජපක්ෂ වියරු වැටි ඇති බව අනාවරණයවේ.

අග්‍රාමාත්‍ය ලේකම් රජයේ නිලධාරියෙකි ඔහුට තවදුරටත් පාර්ලිමේන්තුව සතු උත්තරීතර බලය ඉක්මවා යා නොහැක. එසේම, අග්‍රාමාත්‍ය ලේකම් සතු බලය ඊට පහල අග්‍රාමාත්‍ය කාර්යාලීය අනිකුත් නිලධාරීන්ට විවිධ මට්ටමෙන් බෙදා ඇත. අද පාර්ලිමේන්තුවෙන් දෙන ලද තීරණය අනුව, අග්‍රාමාත්‍ය ලේකම් යටතේ සිටින ඊට පහළ කිසිඳු නිලධාරියකුට ද කිසිඳු වියදමක් සහතික කිරීමට, අනුමත කිරිමට හෝ ගෙවීමට නොහැක.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages