පවතින දේශපාලන වතාවරණය දිනපතා උණුසුම් වෙමින් පවතින මොහොතක ජනපති සිරිසේනට ඇති ජනතා ප්‍රසාදය පිරිහීම වළකා ගත නොහැකි තැන, අද (28) උදෑසන ජනපතිගේ උපදෙස් මත ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් වන එස්.බි. දිසානායක, මහන්ද අමරවීර, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඊනියා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණ ගැසි ඇත.
එම හමුවේ අරමුණ වුයේ අගමැති මහින්දට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමයි. ඒ අනුව අගමැති රාජපක්ෂ හමුවී අමාත්‍යවරුන් ජනපතිගේ පණිවුඩය ලබා දී ඇත.
ජනපතිගේ පණිවුඩය ඇසුවා පමණි, මහින්ද රාජපක්ෂ වහාම කිපී සිරාට ඕනේ වෙනකොට එන්නයි, එපා වෙනකොට යන්නයි මහින්ද රාජපක්ෂ සුදානම් නැති බව වහාම දන්වන ලෙස බැණ වැදී ඇත.
එසේ වුවත්, එස්.බී. දිසානායක තවදුරටත් අගමැතිවරයා අස්වසා ඉල්ලා අස් වීමට එකඟ කරවා ගැනීම සඳහා මහන්සි වී ඇත. එම අවස්ථාවේ දුමින්ද හා අමරවීර අමාත්‍යවරුන් නොසිටින්නට මහින්ද රාජපක්ෂ එස්.බී ට හොඳටම ගුටි පූජාවක් දෙන බව විශ්වාස කටයුතු ආරංච් මාර්ග අනාවරණය කරයි.
කෙසේ වුවත්, අවසානයේදී දිසානායකලාට හා අමරවීරට හොඳටම බැණවැදී එළවා ඇති බව වාර්තාවේ.
මේ පසුබිම තුළ ජනපති සිරසේන තවදුරටත් අසරණ වන ලකුණු පෙනේ.
No comments:
Post a Comment