රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස උපයා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුව 2019 ජනවාරි 14 වනදා යළි කැඳවන මෙන් කොළඹ මහාධිකරණය ඊයේ (26) නියෝග කළේය.
2010 වසරේ ජනවාරි 01 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වනදා අතර කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් නීතිවිරෝධී ලෙස රැස් කිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේදී නිවාස ආධාර ලබාදීම සඳහා දිවිනැඟුල අරමුදල අයත් මුදලින් රුපියල් මිලියන 2992ක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ද 2019 ජනවාරි 15 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ නියම කළේය.
No comments:
Post a Comment